ආයතන අංශය

දැක්ම තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. බලපත්‍ර ලබාදීම
  2. ග්‍රාම නිලධාරී සහතික අනු අත්සන් කිරීම හා සහතික කිරිම
  3. බලපත්‍ර අලුත් කිරීම
  4. ආදායම් සහතික නිකුත් කිරීම
  5. දැව බලපත්‍ර නිකුත් කිරීම
  6. ව්‍යාපාර නාම ලියාපදිංචිය
  7. වැලි, ගල්, පස් බලපත්‍ර නිකුත් කිරීම
  8. විදුලි ලබාදීම

සමාජ සේවා අංශය

දැක්ම

සමාජ සංවර්ධනය තුළ අවාසි සහ දුක්ඛිත සමාජ කණ්ඩායම් සහභාගීත්වය දිරිගැන්වීම හා පුනරුත්ථාපනය කිරීම සහ ඔවුන් එවැනි තත්වයන්ට වැටීම වැළැක්වීම සඳහා පසුබිමක් නිර්මාණය කිරීම.

ප්‍රධාන කාර්යයන්
  1. ආබාධිත පුද්ගලයින්ට ආධාර හා උපකරණ වෙන් කිරීම
  2. වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම
  3. වියළි සලාක ලබා දීම
  4. ආපදා සහන සේවා කටයුතු
  5. උපදේශන සේවා කටයුතු
  6. මුල් ළමාවිය සංවර්ධන කටයුතු
  7. බෞද්ධ කටයුතු
  8. සංස්කෘතික කටයුතු
  9. වනිතා හා ළමා හිමිකම් කටයුුතු
  10. මානව සම්පත් සංවර්ධන කටයුතු
  11. ක්‍රීඩා කටයුතු
  12. යෞවන කටයුතු
  13. සමථ මණ්ඩල කටයුතු
  14. ප්‍රජාපාදක විශෝධන කටයුතු
  15. නිවාස සංවර්ධන කටයුතු
  16. නිපුණතා සංවර්ධන කටයුතු
  17. විදේශ සේවා කටයුතු
  18. ඒකාබද්ධතා සම්බන්ධීකරණ කටයුතු
  19. ආයුර්වේද සංවර්ධන කටයුුතු

සැලසුම් අංශය

දැක්ම ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. විමධ්‍යගත පළාත් සභා සංවර්ධන ව්‍යාපෘති හා රේඛීය අමාත්‍යාංශ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
  2. කොන්ත්‍රාත් කටයුතු සඳහා හැකියා සහතික නිකුත් කිරිම.
  3. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අදාල තොරතුරු එකතු කිරීම හා තොරතුරු පිටතට ලබාදීම.
  4. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව පැවැත්වීම.
  5. රාජ්‍ය ආයතන අවශ්‍යතා සඳහා ඇස්තමේන්තු ලබාදීම.

ගිණුම් අංශය

දැක්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම
ප්‍රධාන කාර්යයන්
  1. වර්ෂයේ ප්‍රසම්පාදන සැලසුම් සැකසීම
  2. ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු
  3. භාණ්ඩ හා සේවා සැපයීමේ කටයුතු
  4. විගණන විමසුම් මෙහෙයවීම
  5. මුල්‍ය  ප්‍රකාශන සැකසීම



රෙජිස්ට්‍රාර් අංශය

දැක්ම උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම
ප්‍රධාන කාර්යයන්
  1. උපත්, විවාහ හා මරණ ලියාපදිංචිය
  2. උපත්, විවාහ හා මරණ සහතික නිකුත් කිරීම

 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත පිවිසීමට >>>

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව-දකුණු පළාත් කලාප කාර්යාලය - ගාල්ල

දුරකථන අංක - +94912224581 (සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්l ඩබ්.එම්.එම්.බී. වීරසේකර මැකිතුමා)

විශ්‍රාම වැටුප් අංශය

දැක්ම විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම
ප්‍රධාන කාර්යයන්
  1. මාසික විශ්‍රාම වැටුප් ගෙවීම
  2. වැන්දඹු, අනත්දරු, විශ්‍රාම වැටුප් හා ආබාධිත පුද්ගලයින් අධීක්ෂණය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත පිවිසීමට >>>

 

ඉඩම් අංශය

දැක්ම කොට්ඨාශයේ භූමිය සහ එහි පිහිටි ගහ කොළ ප්‍රදේශයේ තිරසාර සංවර්ධනයට මනාව උපයොගී කර ගැනීම.
ප්‍රධාන කාර්යයන්
  1. ඉඩම් අත්පත් කරගැනීම්වලට අදාල කටයුතු
  2. අනවසර ඉඩම් නියමානුකූල කිරීම
  3. බලපත්‍ර සහිත ඉඩම් වලට දීමනාපත්‍ර ලබාදීම
  4. බලපත්‍ර/දීමනාපත්‍ර ඉඩම්වල පසු අයිතිය / මුල් අයිතිය / ජීවිත භුක්තිය ලබාදීම
  5. බලපත්‍ර/දීමනාපත්‍ර ඉඩම්වල ආරවුල් පිළිබඳ කටයුතු කිරීම
  6. දීර්ඝ කාලීන / කෙටිකාලීන ඵලදා බදු අයකිරීම හා එකී ඉඩම්වලට අදාල සියලු කටයුතු
  7. නියාධන සාධනපත්‍ර සකස් කිරීම හා එහි සියලු කටයුතු
  8. මධ්‍යම පංතික ඉඩම් පැවරීම හා ඊට අදාල කටයුතු
  9. දීමනා පත්‍ර අනුමත බැංකුවලට උකස් කිරීමට අවසරය ලබාදීම

 

ඉඩම් බෙදාදුන් ලේඛනය බලන්න>>>

ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව වෙත පිවිසීමට >>>

දකුණු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙත පිවිසීමට >>>

 

 

 

 

පුවත් සහ සිදුවීම්

Scroll To Top