අපගේ දැක්ම
2030 දී නවීන තාක්ෂණය හා බැඳුණු සුපිළිපන්න මහජන සේවාවක් තුළින් විශිෂ්ටතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට පත්වීම
අපගේ මෙහෙවර
"රාජ්‍ය ප්රතිපත්ත්වලට අනුකූලව දූෂණයෙන් තොර, විනිවිධභාවයෙන් යුතු, ඩිජිටල්කරණයෙන් සපිරි, සඵලදායි, ජනතා හිතකාමී මහජන සේවයක් තුළින් ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීම"
නාගොඩ කොට්ඨාශයෙහි ඓතිහාසික සංවර්ධනය
* (පෙර ආදායම් කාර්යාලය ලෙස හැඳින්වුනු) මෙම ආයතනය 1968 සිට නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට පත්විය.
* නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩාම පරිපාලන ඒකකය වන ග්‍රාම නිලධාරි කොට්ඨාශ 1981 – 1990 දක්වා පහත පරිදි විකාශනය වී ඇත.
වර්ෂය වසම් ගණන
1981 17
1990 53
-
භූගෝලීය පිහිටීම
ගාල්ල දිස්ත්‍රික්කයේ මධ්‍යයෙන් පටන් ගෙන නැගෙනහිර මායිම දක්වා නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටීමක් පෙන්වයි. මෙම කොට්ඨාශය ගඟබඩ පත්තුව, උතුර යන නමින්ද හැඳින්වෙයි.
නැගෙනහිර දේශාංශක 80 - 140 සිට 80 - 240 අතරද ,
උතුරු අක්ෂාංශ 60 - 80 සිට 60 - 170 අතරද පිහිටා ඇත.
උතුරින් හා වයඹ දෙසින් නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයද, ඊසාන දෙසින් තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයද, නැගෙනහිරින් මාතර දිස්ත්‍රික්කයද, දකුණින් යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයද, නිරිත දෙසින් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයද, බටහිරින් වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයද මායිම් වේ.
නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බිම් ප්‍රමාණය හෙක්ටයාර් 17471 කි. වර්ග කිලෝ මීටර් 174 කි. ගාල්ල දිස්ත්‍රික්කයේ විශාලත්වයෙන් දෙවන ස්ථානය ගන්නා නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ගාල්ල දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 11% ක් අයත් කරගෙන ඇත.
නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය බද්දේගම සහ හිනිදුම මැතිවරණ කොට්ඨාශ වලට අයත් වේ. නාගොඩ කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 53 න් 37 ක් හිනිදුම මැතිවරණ කොට්ඨාශයට හා 16 ක් බද්දේගම මැතිවරණ කොට්ඨාශයට අයත්ය.
* චන්ද්‍රිකා ඡායාරූපකරණය මඟින් කාර්යාලයේ පිහිටීම -
* නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරි වසම් - සිතියම
නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය
1968 ඩඩ්ලි සේනානායක රජයේ ස්වදේශ කටයුතු භාර අමාත්‍ය ගරු ආචාර්ය විජයානන්ද දහනායක මැතිතුමා , හිනිදුම පාර්ලිමේන්තු මන්ත්‍රි ඇම්.එස්. අමරසිරි මැතිතුමාගේ ආරාධනයෙන් ප්‍රථම වරට නාගොඩ උප දිසාපති කොට්ඨාශයක් වෙන්කරන ලදී. එවකට ගාල්ල මහ දිසාපතිව සිටියේ පී.ඒ.ටි.ගුණසිංහ මහතාය.
ඒ අනුව නාගොඩ ගම්සභා කාර්යාලය නාගොඩ මහා විද්‍යාලය ඉදිරිපිට නව ගොඩනැගිල්ලට රැගෙන ගොස් පැරණි ගම්සභා කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලෙහි ප්‍රාදේශීය ආදායම් නිලධාරි කාර්යාලය ආරම්භ කරන ලදී. බද්දේගම ප්‍රාදේශීය ආදායම් නිලධාරි , (නාගොඩ) ගගබඩ පත්තුව නව කාර්යාලයේ වැඩ බලන ප්‍රාදේශීය ආදායම් නිලධාරි වශයෙන් පත්කර කාර්ය මණ්ඩලය ප්‍රධාන ලිපිකරු මහතා ඇතුළුව 5 දෙනෙකුගෙන් සමන්විතව 1968 වර්ෂයේදී ආරම්භ කරන ලදී. ඒ අනුව ප්‍රාදේශීය ආදායම් නිලධාරි කාර්යාලයට ග්‍රාමසේවා වසම් 14 ඇතුලත් වුයේය. 1968 මාර් තු මාසයේදී ස්ථිර ප්‍රාදේශීය ආදායම් නිලධාරි මහතකු පත්කරන ලදී. ඒ ප්‍රාදේශීය ආදායම් නිලධාරි බර්ටි ජයසේකර මහතාය. පසුකාලීනව ප්‍රාදේශීය ආදායම් නිලධාරි ,සහකාර ආණ්ඩුවේ එජන්ත සහ රාදේශීය ලේකම් වශයෙන් පහත පරිදි විකාශනය වි ඇත.
1968 සිට සේවය කරන ලද උප දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්.
|
නිලධාරියාගේ නම |
සේවා කාලය |
|
බර්ටි ජයසේකර මහතා |
1968 - 1970.11.30 |
|
ජිනදාස අබේවික්‍රම මහතා |
1971.12.01 - 1976.12.31 |
|
එච්.එල්.අමරසේකර මහතා |
1977.01.01 - 1979.07.31 |
|
එන්.කේ. හෙට්ටිආරච්චි මහතා |
1979.08.01 - 1985.02.285 |
|
එච්.කේ. කිර්තිරත්න මහතා |
1985.03.01 - 1986.09.01 |
|
ඒ.කේ.සිරිසේන මහතා |
1986.09.02 - 1992.01.15 |
|
කේ. සමරසිංහ මහතා |
1992.01.16 - 1996.11.18 |
|
ඒ.ජී.එල්. චන්ද්‍රසිංහ මහතා |
1997.01.01 - 2003.11.20 |
|
ග.හේ. පියදාස මහතා |
2004.10.18 - 2007.07.21 |
|
මාලනී ලොකුපෝතාගම මහත්මිය |
2007.07.22 - 2008.01.09 |
|
කේ.යු.චන්ද්‍රලාල් මහතා |
2008.01.10 - 2010.11.21 |
|
ලලින්ද ගමගේ මහතා |
2010.12.01 - 2013.09.10 |
|
ඩබ්.එස්. සත්‍යානන්ද මහතා |
2013.09.25 - 2014.05.25 |
|
එස්. ත්‍රිමාන්න මහතා |
2014.05.26 - 2006.04.06 |
|
ධම්මික රාජපක්ෂ මහතා |
2016.04.07 - 2016.08.13 |
| සී.පී. රාජකරුණා මහත්මිය |
2016.08.14 - 2021.06.16 |
| යූ.පී. දහනායක මහතා |
2021.06.17 - 2024.02.07 |















